Monday, September 12, 2011

අපේ පල්ලියේ සැබෑ ඉතිහාසය

අපේ පල්ලියේ සැබෑ ඉතිහාසය වසර 75 ක් තරම් ‍කෙටි විය හැකිද?
භා.ජුසේ වාස් තුමා තම ගමන් මගේදි අප ගම වන වැලිවේරිය පසු කල බව අප මුඛ පරම්පරා ගත කථා වලින් අසා ඇත්තෙමු.
තවද හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානම් පවසන පරිදි අප මීසමේ ඉතිහාසය අවුරුදු 450 ඉක්මවා තිබ්ය යුතුය.

තවද අප මීසම අවට මීසම් වන මොරගොඩ හා මිරිස්වත්ත මීසම් 125 ඉක්මවු ඉතිහාසයන් සමරද්දි අප මීසම පමනක් මෙවැනි ලාබාල ඉතිහාසයක් පැවතිය හැකිද????

මෙවැනි ජුබිලි සමරන්නේ පල්ලියේ මුල් ඇද සිටින බඩ ගෝස්තර වාදින්ගේ බඩ වියත රැක ගැනීම හා ප්‍රභු පැලැන්තියේ කියා ගන්නා වුන්ගේ හුදු ප්‍රසිද්දිය සදහා ද යන පැනය පමනක් ඉතිරිව ඇත.

3 comments:

  1. මෙම බ්ලොග් අඩවිය ප්‍රකාශයට පත්කරන ලද නිර්නාමිකයා වෙත ලියන වගනම්,

    වැලිවේරිය කතෝලික සංගයට අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරුතුමන් විසින් කියන ලද දෙය උපුටා ගනිමින්, ඔබ කියන දෙය සම්පුර්ණ සත්‍යයක් බව කිසිවෙකුටත් නොරහසකි. භාග්‍යවත් ජුසේවාස් උන්නසේගේ කාලය දක්වා වැලිවේරිය කතෝලික සංගයට ඉතිහාසයක් තිබෙන බව කිසිවෙකුත් ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඒ අනුව බලනකල වසර 450 ක පමණ හෝ ඊට වඩා දිගු ඉතිහාසයක් වැලිවේරිය කිතුනු සංගයට අනිවාර්යෙන්ම ඇත.

    මෙම බ්ලොග් අඩවිය ප්‍රකාශයට පත්කරන ලද නිර්නාමික ඔබ, අනිවාර්යයෙන්ම කවදාවත් පල්ලි ගිය අයෙක්ද යන පැනය මට මෙහිදී පැන නගිනවා. ඒවගේම ඔබට රෝම සන්ක්‍යා (රෝම ඉලක්කම්) සහ ලතින් භාෂාව සම්බන්ද කිසිදු දෙනුමක් නෙති පොඩි චූ කොල්ලෙක් බව මනාව මෙහිදී පෙහැදිලි වෙනවා. පල්ලි යනවනම් පල්ලියේ ඉස්සරහ ලතින් සහ රෝම ඉලක්කන් වලින් සදහන් කරලා තියෙන්නේ මොකක්ද කියල බලලා මෙම දෙය ඔබ තේරුම් ගනු ඇති බව මම විශ්වාස කරනවා. තේරුම් ගන්න බැරිනම් කරුණාකර මේබව දන්වා සිටින්න.
    ඔබ එක්කෝ පිස්සෙකි. එහෙමත් නැත්නම් පට්ටම මෝඩයෙකි. ඔබට අනුකම්පා කරන්නෙමි.

    ජේසු පිහිටයි !!!!!!

    රංගන පෙරේරා - වැලිවේරිය.

    ReplyDelete
  2. මෙම බ්ලොග් අඩවිය ප්‍රකාශයට පත්කරන ලද නිර්නාමිකයා වෙත නැවත ලියන වගනම්,

    වැඩි විස්තර ඕනනම්, වැලිවේරිය පල්ලියේ වෙබ් අඩවියට පිවිසෙන්න...
    http://www.weliveriyachurch.lk/

    රංගන පෙරේරා - වැලිවේරිය.

    ReplyDelete